රාවණා ගැන කතා කිරීමට ප්‍රථමව කතා කල යුත්තෙක් සිටී. ඒ තමා රාම. රාමගෙ පවුල් පරිසරය පිලිබදව අපි ප්‍රථමව සොයා බලමු. එකල භාරතයේ එනම් වත්මන් ඉන්දියාවේ කෝසල රාජය්‍ය පාලනය කරන ලද්දේ දශරථ නම් රජතුමෙක් විසින්ය. මෙතුමා කෙතරම ජනහිතකාමී පාලකයෙකු වුවද මෙතුමාටද නිතර හිතට කා වදින ගැටලුවක් තිබුනි. ඒ තමාගෙන් පසුව කෝසල රාජ්‍යය ඉදිරියට ගෙන යාමට පුතෙකු නොසිටීමයි. එක් දවසක් දශරත් රජතුමා එතුමාගේ පුරෝහිතයා වන වශිෂ්ට රිෂිවරයා කැදවා මෙම ගැටලුවට කුමක් හෝ කරන ලෙස ඉල්ල සිටියා. ටික වේලාවක් කල්පනා කල රිෂිවරයාගේ සිතට පැමිණියේ එකල ලන්කද්වීපය පාලනය කල තුන්ලෝකාධිපති රාවණා රජුවයි. ඒ රාවණා රජතුමා යාගයක් පවත්වා විෂ්ණු දෙවියන්ගෙන් සහ බ්‍රාහ්මණයන්ගෙන් වරමක් ලබා ගැනීමයි. මෙලෙස තමන්ද යාගයක් පවත්වා ඉල්ලීම් සිදු කලහොත් ඉන් ඵලක් ලැබෙන බව දශරථ රජතුමාට පසක් කල රිෂිවරයා එසේ කිරීම ලෙහෙසි පහසු නොවන බවත් ඒ යාගය පැවැතිවිය හැක්කේ අංග රාජ්‍යයේ සිටින රිෂ්‍යශෘංග නම් බලවත් රිෂිවරයාට බවත් කියා සිටියේය. තම සිත තුල බොහෝ කලක් තිස්සේ තිබූ එකම ආශාව ඉටු කර ගැනීමට කුමක් හෝ කරන්නේ යැයි සිතා සිටි රජතුමා ඒ රිෂිවරයාව ගෙන්වා නොනවත්වා අවුරුදු 6ක් යාගය පවත්වා තම ඉල්ලීම ඉල්ලා සිටියේය. යාගයේ දල්වා තිබූ ගිනිදැල් අතරින් එක පාරටම මහත් පුරුෂයෙකු පහළ විය. ඔහු අත බදුනක්ද තිබිණ. එය දශරථ රජතුමා අත තබා මේ මහත් පුරුෂයා දුම අත්‍රින් නොපෙනී ගියේය. එම බදුනේ තිබුනේ ශුද්දවූ සහල්ය. රිෂිවරයාගේ උපදෙසින් මෙම සහලින් පිසූ බත් එතුමාගේ බිසෝවරුන්ට ආහාරයට දෙනා ලදී. මහත් ආශ්චර්‍යයක් මෙන් එතුමාගේ බිසෝවරු තිදෙනෙක්ට දරුඵල ලැබීය. කව්ශල්‍යාට රාමද, කෙකෙයීට භරතද, සුමාත්‍රාට ලක්ෂ්මණ හා ශතැස්නද වශයෙනි.
කුමාරවරු තිදෙනා දැන් තරුණය. දශරථ රජතුමාද සතුටින් තම රාජ්‍යය පවත්වාගෙන යන කල්හි එක්තරා දවසක විශ්වාමිත්‍ර නම් තද බල සෙන්පතියෙක් රජු හමුවීමට තම මාලිගයට පැමිනියේය. ඔහු පැමිණ කියා සිටියේ තමා බලගතු යාගයක් පැවැත්වීමට යම් ස්ථානයක් තෝරාගෙන් තිබෙන බවත් එම ප්‍රදෙශයේ වෙසෙන රාක්ෂයින් එයට බාධා පමුණුවන බවත්ය. රිෂිවරයා ඉල්ලා සිටියේ එම රාක්ෂයින් පලවා හැරීමට තම පුත් රාම කුමරුගේ සහය අවශ්‍ය බවයි.රජු ප්‍රථමයෙන් මෙයට අකමැති වුවත් පසුව රිෂිවරයාගෙ දැඩි ඉල්ලීම මත ඊට එකග වීමට සිදුවිය. ඔවුන් සමග රාමගෙ සොයුරු ලක්ෂ්මණවද පිටත් කර යැවීය. දින ගණනාවක් තිස්සේ අති බිහිසුණු ගිරි දුර්ග මංමාවත් ඔස්සේ ගමනක නිරත වූ මොවුන් තිදෙනා ලගා වූයේ තටකා නම් මිනී කන යක්ෂණියගේ බල ප්‍රදේශයේය.
(ඊලග කොටසින් හමුවෙමු)
No comments:
Post a Comment